යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය පේදුරුතුඩුව නගරකෝවිල් ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදි දෙකකට සහ නිවසට ද අලාභ හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එක් යතුරුපැදියක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර අනෙක් යතුරුපැදියට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.

නිවසට ද අලාභ හානි සිදුවී ඇති අතර කවුරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණ වී නැහැ.

අදාළ ප්‍රහාරය පිළිබඳ නිවෙස් හිමිකරුවන් විසින් පේදුරුතුඩුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?