යාපනයේ කල්ලි දෙකක් අතර මහ දවාලේ ගැටුමක් (ඡායාරූප)

යාපනයේ ක්‍රියාත්මක කල්ලි දෙකක් අතර අද (24) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.

එම ගැටුමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කල්ලි දෙකේ සාමාජිකයින් දෙපිරිසක් අද දහවල් ගමන් ගත් වාහන දෙකක් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී එකිනෙකට හප්පාගෙන ඇති අතර, වාහන හප්පා ගැනීමෙන් අනතුරුව දෙපිරිස අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව තිබෙනවා.

මෙලෙස එකිනෙකට හප්පාගත් කැබ් රථයකට හා මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ ‘වික්ටර්’ කල්ලිය නමින් හදුන්වන කල්ලියක් හා තවත් කල්ලියක් අතර වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස දමිළ සිනමා පටවල දර්ශනවල පවතින ආකාරයට මෙලෙස වාහන දෙක හප්පාගෙන ඇති බවයි.

මේ අතර වික්ටර් කල්ලිය, ධනු කල්ලිය, ආවා කල්ලිය, අජිත් කල්ලිය නැමැති නම්වලින් හඳුන්වන කල්ලි රැසක් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක බවයි යාපනය ආරක්ෂක අංශ පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?