AFC Banner
Empty Ad

යාපනයේ ආපනශාලාවක ඇති වූ ගැටුමකින් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෝපායි පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, උරුම්පිරායි පදිංචි සුබ්‍රමනියම් ප්‍රේමරාසන් නැමැති 66 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පහරදීමට සම්බන්ධ 44 හැවිරිදි පුද්ගලයෙක් කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙදෙනා අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව මූලිකව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානය යාපනය මහේස්ත්‍රාත්වරයා අද (19) පෙරවරුවේ නිරීක්ෂණය කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Jaffna 01
Jaffna 02
Jaffna 03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?