දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නීත්තෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත් සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා. ඒ, බදුල්ල – දෙකේ කණුව – නේත්‍රාගම ප්‍රදේශයේ ගම්වැසියන් ඒ පිළිබදව සිදුකරන අනාවරණයත් සමඟයි.
මාතර – තොටමුණ ධීවර ගම්මානයෙන් ද මීට පෙර නීත්තෑවන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණා.එමෙන්ම, කුලියාපිටිය – එලතලව සහ මූණමල්දෙණිය යන ප්‍රදේශවලින් ද අනුරාධපුර – මහවිලච්චිය, ඇද්දකල්ල යන ප්‍රදේශයෙන් සහ අම්පාර – දමන – තොට්ටම ප්‍රදේශයෙන් මීට පෙර නීත්තෑවන් පිළිබද තොරතුරු වාර්තා වූ අතර ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කළා.
එවන් පසුබිමකයි බදුල්ල – දෙකේ කණුව – නේත්‍රාගම ප්‍රදේශවාසීන් නීත්තෑවන් සිටින බවට ප්‍රකාශ කරන්නේ. ඒ හේතුවෙන් තමන් දැඩි බියකින් පසුවන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කළා.














