යල කන්නයට හිඟයකින් තොරව පොහොර – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ලබන යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (18) උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2022/ 2023 මහ කන්නයේ දී පොහොර මිලදී ගැනීමේ දී ඉහළ ප්‍රමුඛතාවයක් දී කටයුතු කළ බවයි මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ.

එහි ප්‍රතිඵලයක් ලෙස එම කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක පමණ ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ සතියේ ප්‍රමුඛතම වියදම් කාර්ය ලෙස රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සිදුකරන බවත්, ඉන් පසුව එළඹෙන සතියේ දී මහ කන්නයේ දී මිලදීගත් රසායනික පොහොර සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 350 ක් ගෙවීමට කටයුතු කරන බවත්, කාබනික පොහොර සඳහා ගෙවිය යුතු මුදලින් රුපියල් කෝටි 220 ක් පෙරේදා දිනය වන විට ගෙවා අවසන් කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඒ, අනුව ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බවත්, ඒ අනුව යල කන්නය සඳහා අවශ්‍ය පොහාර ගෙන්වීමට අවශ්‍ය වාතාවරණය සකසා දී ඒ අනුව කිසිදු හිඟයකින් තොරව ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34