අක්මීමන පොලිස් වසමේ පනාගමුව ප්‍රදේශයේ දී පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණ ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධදෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු හා පසුපැදිකරුවෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය පුද්ගලයින් අවුරුදු 16 හා 36 වයස්වල පසුවන වලහන්දූව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා සහ පුත්‍රයා බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1



