AFC Banner
Empty Ad
Empty Ad

යතුරපැදියේ ඉන්ධන ටැංකිය උඩ අවසන් ගමන් ගිය පුංචි දරුවා

යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මුහුඩිය ඉවත්කොට පෙට්ට්‍රල් වල ගඳ සුවද බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවෙකු මිය යෑමේ පුවතක් දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ, වැලමිටියාව ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ වාර්තා වනවා.

මෙසේ අවාසනාවන්ත අන්දමට මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ 7 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ.

මෙම දරුවා ඊයේ පස්වරුවේ තම මිත්තනියගේ නිවසට පැමිණ  නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් යතුරුපැදියක් මතට නැග එහි පියන ඉවත් කොට පෙට්ට්‍රල් වල ගද සුවඳ අග්‍රාණය කිරීමට යද්දී මෙම අනතුර සිදුවී ඇති බව ඥාතීන් පවසන්නේ.

මියගිය දරුවාගේ පියා වන අජිත් කුමාර මුණසිංහ කියා සිටියේ තමන් සහ බිරිඳ මෙන්ම තවත් කුඩා දරුවෙකු තම ඥාති නිවස ආසන්නයේ පදිංචිව සිටින බවය .කුලී වැඩ කරමින් ජීවත් වන බවත් ඊයේ දින පස්වරුවේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී  ඥාති අයෙකු මෙම දරුවා යතුරුපැදිය මත සිහිසුන්ව සිටින බව ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයට දිව ආ බවයි.

එම  අවස්ථාව වන විටත් තම දරුවා යතුරුපැදිය මතම වැටී සිටි බවද ගලේවෙල රෝහලට අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව රැගෙන යන විට මියගොස් ඇති බවයි ඔහු සඳහන් කලේ.

මෙම සිද්ධිය පළමුවෙන්ම දුටු අසල්වැසි තරුණයෙකු කියා සිටියේ තමන් මෙම නිවසට පැමිණෙන  විට  මියගිය කුඩා දරුවා යතුරුපැදිය උඩ තම මුහුණ මුඛය සහ නහය යතුරුපැදියේ ඉන්ධන ටැංකියට හොවාගෙන සිටිනු දැක එක වැරම ඔහුට කතා කළ ද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා  ඔහු ඉවත් කිරීමට උත්සාහ කළ බවයි. ඒ වනවිටත් ඔහු සිහිසුන් සිටි බව එම තරුණයා වැඩිදුරටත් සඳහන් කළේ.

වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ මෙම දරුවාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දින දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිත බවයි පොලිසිය සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේෂා මට කරපු එක වෙන කෙනෙක්ට කරන්න පුලුවන් #damitha_abeyrathna
Video thumbnail
නැවත ඉරානයෙන්,ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දක්වයි ද?
06:33
Video thumbnail
කාන්ති කොඩිකාරට විපතක්නේ වෙලා තියෙන්නේ - දැන් ඉන්නේ රෝහලේ
05:26
Video thumbnail
ලක් අම්මා හදීසියේ සමන්දේවාලයට පැමිණෙයි - හේෂා ඔයාට හෘද ශාක්සියක් තියෙනවා ද ?
06:08
Video thumbnail
කට්ටිය අපිව කොටවනවා - හරිනි කට අරියි
15:59
Video thumbnail
පොල් ගන්න ගියාම මිනිස්සුන්ට එළොව පොල් පේනවා
04:58
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34

?