මෝදි සහ සෙලෙන්ස්කි ද්විපාර්ශ්වික සාකච්ඡාවල

මේ වනවිට යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙහිදී රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වන ලෙසට එහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිට උපදෙස් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිට ආරාධනාවක් ද සිදුකර තිබෙනවා.

එම ආරාධනය සෙලෙන්ස්කි ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කියෙව් අගනුවර මහත්මා ගාන්ධි ස්මාර්කය නැරඹීමට මෝදි අග්‍රාමාත්‍යවරයා එක්ව තිබෙනවා.

1991 වසරේ දී යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් යුක්‍රේනයේ සංචාරය කෙරෙන පළමු අවස්ථාව මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34