මෝදර වෙඩි තැබීමක්

ඊයේ (13) රාත්‍රීයේ මෝදර පොලිස් වසමේ, මෝදර වීදිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු 51ක් හැවිරිදි මහවත්ත පටුමග, කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකරු මෝදර වීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක කලමණාකරු වශයෙන් සේවය කරන අතර, මොහු එම අවන්හලේ ගේට්ටුව ආසන්නයේ සිටිය දී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරනු ලබන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?