spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝඩ තීරණය නිසා පොහොර නිෂ්පාදනය අඩු වෙලා

කර්මාන්තයේ නිෂ්පාදනය සියයට 60 කින් පමණ අඩුවී ඇත්තේ පොහොර සම්බන්ධයෙන් ගත් මෝඩ තීරණය නිසා බවත් ඒ හෙයින් තේ ගොවීන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

තේ සඳහා පොහොර මිටිය රුපියල් රුපියල් 15,000 දක්වා වැඩිවී ඇති අතර තේ වගාවේ පොහොර ප්‍රශ්නයට රජයේ ලබා දෙන විසඳුම කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

අද බොහෝ ප්‍රදේශවල මිලට ගැනීමට පවා පොහොර නැති බව සඳහන් කළ විපක්ෂ නායකවරයා පොහොර සඳහා සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි යෝජනා කළේය.

ප්‍රමිතියෙන් තොර වල් නාශක වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?