මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු සමීකරණය ගලවං ගොස් මත්ද්‍රව්‍ය බීලා

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලේඛනාගාරය අසල සවිකර තිබූ වායු සමීකරණය සොරාගත් සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය – වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වායු සමීකරණ අලුත්වැඩියා කරන පුද්ගලයෙකු ලෙස මෝටර් රථ ප්‍රවාහනන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී ඇති මොහු කුලී රථයකින් මෙම වායු සමීකරණ සමීකරණය ගලවා රැගෙන විත් ඇත්තේ දිවා කාලයේ දීයි.

මෙම වායු සමීකරණය අබලි ද්‍රව්‍ය විකුණන ස්ථානයකට අලෙවි කර එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?