Empty Ad
AFC Banner
Empty Ad

මෝටර් රථයක පිළිස්සී මියගිය තරුණයාගේ අනන්‍යතාව හෙළිවෙයි

පසුගියදා කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී හමුවූ පිළිස්සුනු මළ සිරුරේ අනන්‍යතාව අනාවරණ කරගෙන තිබෙනවා. DNA පරීක්ෂණයකින් අනතුරුවයි. එම පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක් බවයි.

මෙම මළ සිරුරේ අනන්‍යතාව හෙළිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සැකකෙරෙන දෙමව්පියන්ගේ DNA සාම්පල පසුගියදා ලබාගැනුනා. එම සාම්පල මියගිය තරුණයාගේ DNA සාම්පල සමග සැසඳෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. ඔහු දෙල්කඳ ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක්. මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිත අතර එහිදී මරණයට හේතුව අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පසුගියදා පැවති අතර මළ සිරුරේ පී සී ආර් පරීක්ෂණයක් ද සිදු කළා. කෙසේවෙතත් ඔහුට කොරේානා වෛරසය ආසාදනය වී නොමැති බවටයි එහිදී හෙළිවී තිබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
00:00
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09
Video thumbnail
BREAKING NEWS 🔴ගිනි අවියක් සමග - ශාන් පුතා අත්අඩංගුවට #shanputha #ශාන්පුතා
02:15
Video thumbnail
ගුවන් යානයක් ගිනි ගනී
00:54
Video thumbnail
මගීන් 178දෙනෙකු සමග හදීසියේ ගොඩබැස්සූ ගුවන් යානයක් ගිනි ගනී #globalnews
01:19
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20

?