spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක පිළිස්සී මියගිය තරුණයාගේ අනන්‍යතාව හෙළිවෙයි

පසුගියදා කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී හමුවූ පිළිස්සුනු මළ සිරුරේ අනන්‍යතාව අනාවරණ කරගෙන තිබෙනවා. DNA පරීක්ෂණයකින් අනතුරුවයි. එම පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක් බවයි.

මෙම මළ සිරුරේ අනන්‍යතාව හෙළිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සැකකෙරෙන දෙමව්පියන්ගේ DNA සාම්පල පසුගියදා ලබාගැනුනා. එම සාම්පල මියගිය තරුණයාගේ DNA සාම්පල සමග සැසඳෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. ඔහු දෙල්කඳ ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක්. මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිත අතර එහිදී මරණයට හේතුව අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පසුගියදා පැවති අතර මළ සිරුරේ පී සී ආර් පරීක්ෂණයක් ද සිදු කළා. කෙසේවෙතත් ඔහුට කොරේානා වෛරසය ආසාදනය වී නොමැති බවටයි එහිදී හෙළිවී තිබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?