මොණරාගලින් හමුවූ කෝටි තුනේ වාලම්පුරිය

කෝටි 3ක වාලම්පුරි සමඟ සැකකරුවන් අත්අඩංගුවට අධික මුදලකට වාලම්පුරි අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් තිදෙනෙකු මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇත.

වැඩිදුර තොරතුරු ලෙස වාර්තා වන්නේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 73,31,21 යන වයස්වල පසුවන දෙහිවල,සූරියවැව සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
සැකකරුවන් විසින් අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පුරි දෙකක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.මෙම සැකකරුවන් ඒවා කෝටි තුනකට මිල නියම කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු සතුව තිබූ ජංගම දුරකථනයේ පුරාවස්තු රැසක ඡායාරූප තිබී ඇත.ඒ අනුව එම සැකකරු පිළිබඳව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ භාණ්ඩ අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?