මෛත්‍රීපාල පොදු සමාව දුන් සුමන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

දෙමටගොඩ ප්‍රදේශයේ පොල් තෙල් සමාගමකින් රුපියල් කෝටි 06 ට ආසන්න වටිනාකමින් යුත් පොල්තෙල් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් ලබාදී ව්‍යාපාරිකයක්ට රුපියල් කෝටි 06 ක පමණ වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නැමැති ව්‍යාපාරිකයෙක් 2022 සහ 2023 යන වසරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි කීපයකට අදාළ නඩු 04 ක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් එසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

සැකකාර හිමි නම “බ්‍රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගොස් එහි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පෙනී සිටිමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් කෝටි විසි දෙලක්ෂ පනස් දහස් නවසිය පනහක් වටිනා පොල්තෙල් කිලෝ 84,240 ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් 08 ක් ලබාදී මෙම වංචාව සිදුකර ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ කොළඹ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ විජිත රාජපක්ෂ අධිකරණයට දැන්වූවා.

අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම සැකකාර හිමිනමට එරෙහිව 2022 වසරේ එක් පැමිණිල්ලක් සහ 2023 වසරේදී පැමිණිලි 03 ක් එසේ ඉදිරිපත් කර ඇති බවද මෙම සිද්ධීන්වලට අදාළව සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත මුදා හැර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එසේ වරෙන්තු නිකුත් කරන ලෙසට නියෝග කළා.

මීට වසර කිහිපයකට පෙර අවි ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරගතව සිටි එම හිමි නමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති පොදු සමාව ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
14
+1
105
+1
11
+1
10
+1
10
+1
25
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04