Empty Ad
AFC Banner
Empty Ad

මේ සති දෙකට විතරක් ඩෙංගු රෝගීන් 1247ක් – වැස්සත් එක්ක වැඩිවෙන්න පුළුවන්

මෙම මාසයට පමණක් මේ වනවිට (14) ඩෙංගු රෝගීන් 1247ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ; ප්‍රජා සෞඛ්‍ය‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසනවා.

විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ; පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමට ඉඩකඩ ඇති බවයි.

මෙම වසරට පමණක් ඩෙංගු රෝගීන් 40,658ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී ඇති බවට ද විශේෂඥ වෛද්‍ය අනෝජා මහත්මිය පැවසුවා.

ඇය සඳහන් කළේ; ඉන් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, කොළඹ, කළුතර, රත්නපුර, මාතලේ, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලින් ද වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.

මේ ගෙවෙන 41 වැනි සතියේ රෝගීන් 693ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.

එබැවින් මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හැකිතාක් දුරකට නිවෙස් අවට, පාසල් හා ආයතනවල ද ඩෙංගු මදුරුවන්ට රැඳී සිටීමට හැකි ස්ථාන වෙතොත් විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?