මේ සති දෙකට විතරක් ඩෙංගු රෝගීන් 1247ක් – වැස්සත් එක්ක වැඩිවෙන්න පුළුවන්

මෙම මාසයට පමණක් මේ වනවිට (14) ඩෙංගු රෝගීන් 1247ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ; ප්‍රජා සෞඛ්‍ය‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසනවා.

විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ; පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමට ඉඩකඩ ඇති බවයි.

මෙම වසරට පමණක් ඩෙංගු රෝගීන් 40,658ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී ඇති බවට ද විශේෂඥ වෛද්‍ය අනෝජා මහත්මිය පැවසුවා.

ඇය සඳහන් කළේ; ඉන් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, කොළඹ, කළුතර, රත්නපුර, මාතලේ, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලින් ද වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.

මේ ගෙවෙන 41 වැනි සතියේ රෝගීන් 693ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.

එබැවින් මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හැකිතාක් දුරකට නිවෙස් අවට, පාසල් හා ආයතනවල ද ඩෙංගු මදුරුවන්ට රැඳී සිටීමට හැකි ස්ථාන වෙතොත් විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?