මේ සටන බස්නාහිර පළාතේ ඉන්න මිනිස්සු අතහරින්න එපා, මේක ඇදගෙන යමු – මන්ත්‍රී ශ්‍යානක්යන් රාසමානික්කම්

රට තුළ ආර්ථීක අර්බුදයක් ඇති වේ යැයි දැන දැන ම ආණ්ඩුව විදෙස් ණය ගෙව්වේ කුමක් නිසා දැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍යානක්යන් රාසමානික්කම් ප්‍රශ්න කර සිටිනවා.

වසර දෙකකට පෙර ස්වෛරී බැඳුම්කර ගෙවිය නොහැකිව අසාදුගත කර (Black List) තිබියදී ආණ්ඩුව ණය ගෙවා ඇති හෙයින් මෙසේ ගෙවා ඇත්තේ රාජපක්ෂ පවුලේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර දැයි සැකයක් පවතින බවයි පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ.

එසේ නොමැති නම් ආණ්ඩුව අසමත්ව, ආහාර අර්බුදයක් ඇති වී ජනතා විරෝධයක් මතුවීමෙන් ආණ්ඩුවට ගෙදර යන්නට වනු ඇතැයි දැන දැන එලෙස ණය ගෙව්වේ කුමක් නිසා දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.

“අවුරුදු දෙකකට කලින් ස්වෛරී බැඳුම්කර ගන්න අපට අවස්ථාව නෑ. බ්ලැක් ලිස්ට් කියලා. එහෙනම් ඇයි මේ ණය ගෙව්වේ කියලා අපිට පැහැදිලි සැකයක් තියෙනවා. මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත ගෙවපු ණය මට නම් හිතෙන්නේ රාජපක්ෂ පවුලේ ISB (International Sovereign Bonds) ද දන්නෙ නෑ. නැත්නම් මිනිසුන්ට කන්න බොන්න නැති වෙයි, බඩගිනි වෙයි, පොහොර නැති වෙයි කියලා දැන දැන මෙච්චර ආණ්ඩුව ජනතාව ඉස්සරහ අසමත් වෙයි, ජනතාව තරහා වෙයි, ඡන්දේ පරදියි, ගෙදර යන්න වෙයි කියලා දැන දැන ඇයි මේ ණය ගෙව්වේ? ඉදිරි අනාගතේ ගෙවන්න ඉන්නේ.

මතක තියාගන්න හැමදාම සටන් කරන්නේ ගමේ ඉන්න මිනිස්සු. ගමේ මිනිස්සු උද්ගෝෂණය කරලා, උද්ඝෝෂණය කරලා මහන්සි වෙලා ඉන්නේ. නැතිනම් ගමේ මිනිස්සු බස් එකේ කොළඹට එනවා. ගොවීන්ට පොහෝර දෙන්නේ නැතුව, කන්න බොන්න නැතුව ඉන්නකොට කොහොමද ඒ අය බස් උස්සන් කොළඹ එන්නේ? ඒ නිසා අද මේ සටන කරන්න ඕනේ බස්නාහිර ජනතාව. මේ සටන බස්නාහිර පළාතේ ඉන්න, කොළඹ, ගම්පහා, කළුතර මිනිස්සු අතහරින්න එපා. මේක ඇදගෙන යමු“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04