AFC Banner
Empty Ad
Empty Ad

මේ වගෙ පව් වැඩ කරන්න එපා

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා ගැන පැතිරී යන කටකතා ඉතා පිළිකුලෙන් හෙළා දකින බව ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ ඔහු මෙවැනි සටහනක් තබා තිබුණා.

“අපට සිටින කුසලතාපූර්ණ චරිතාංග රංගන ශිල්පියෙක් වන සරත් චන්ද්‍රසිරි අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගිය බවට පැතිරෙන අසත්‍ය කටකතා පිළිගනිමින් හෝ ඒවා සංසරණය කිරීම සඳහා සහය නොවන ලෙස ඔබෙන් ඉල්ලමි. බොහෝමයක් කලාකරුවන් හට සිදුකළ පරිද්දෙන්ම සරත් හට ද මෙසේ සිදුකිරීම ඉතා පිළිකුලෙන් හෙළා දකිනා අතර ඔහුගේ සෙත් සුව කඩිනමින් පැතීම මේ මොහොතේ අවශ්‍යම ක්‍රියාවයි. තම සමාජ මාධ්‍ය ගිණුම් වෙත අවධානය ගැනීම උදෙසා මෙවැනි පවිටු ක්‍රියාවන්ට මුල පිරීම නොකරන ලෙසින් මා එසේ සිදුකරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමි.
එනිසාම කාටත්, හිතැති ආදරණීය සරත් හට තෙරුවන් සරණින් කඩිනම්පූර්ණ
සුවයම අත්වේවායි පතමි “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?