මේ රෝග ලක්ෂණ තිබේ නම් වහාම රෝහලට යන්න

රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන්ට නිවෙස්වලදීම ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

ඔවුන් ඒ සඳහා යොමු කෙරෙන්නේ රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුවය.

එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථායකයන් දැන සිටිය යුතු කරුණු පිළිබඳ කෙටි විමසුමකි මේ (මූලාශ්‍රය: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය).

නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුත්තේ කවුරුන්ද?

සංකූලතා නොපෙන්වන වයස අවුරුදු 2-65 ත් අතර ආසාදිතයන්. යම් පුද්ගලයකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් නිවසේ රැඳී නොසිට රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි තීරණය කරනු ලබන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසිනි.

නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන රෝගීන් කවුරුන්ද?

එහිදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පහත කරුණු සලකා බලනු ඇත. ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ:

දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ වකුගඩු රෝග හා පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම් හෝ ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙකු නම් ඔවුන් තුළ ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.

නිවෙසේදී ප්‍රතිකාර ලබා දීමේදී සලකා බලන අනෙකුත් කරුණු මොනවාද?

ආසාදිත පුද්ගලයා ඉහත කී අවදානම් කාණ්ඩවලට අයත් නොවන්නේ නම් පහත කරුණු ද සලකා බැලෙයි. නිවසේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත වීම. අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින සෙසු සාමාජිකයෙකුට හෝ තමාටම හැකියාවක් තිබේදැයි යන්න.

රෝගියා ගැන සොයා බලන්නේ කෙසේද?

නිවසේදී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් “නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතියට” ඇතුළත් කරනු ලැබේ.

නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාර සඳහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකතනය හරහා රෝගියාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ඇත.

එම කටයුතු සිදු කරනු ලබන්නේ විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේය. අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කෙරේ.

නිවසේදී ප්‍රතිකාර ලබන විට රෝගියා කළ යුතු දේ මොනවාද?

පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. හැකි පමණ විවේක ගැනීම හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම සමබර ආහාර වේලක් ලබා ගැනීම හොඳින් පාලනය වී පවතින, අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි බෝ නොවන රෝගයක් සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ.

ලෙඩාට’ උපස්ථාන කළ යුත්තේ කොහොමද?

මුඛයෙන් හෝ නාසයෙන් ගලා එන දියර වැනි ස්‍රාවයන් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතුය. රෝගියා සමග කටයුතු කිරීමේදී අත්වැසුම් භාවිත කිරීමට උත්සාහ කළ යුතුය.

අත්වැසුම් දැමීමට පෙර සහ ගැලවීමෙන් පසු සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය. රෝගියාගේ ආහාර ගන්නා බඳුන්, කෝප්ප, දීසි, තුවා සහ ඇඳ ඇතිරිලි වෙනම තබන්න. රෝගියාගේ කාමරයේදී පමණක් ඔහුට කෑම ලබා දීමට උත්සාහ කළ යුතුය. රෝගියා භාවිත කළ බඩු භාණ්ඩ සහ අනෙකුත් උපකරණ අත්වැසුම් පැළඳ සබන්/ පිරිසිදු කාරක යොදා පිරිසිදු කළ යුතුය.

(මූලාශ්‍රය: සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය උපදෙස් ඇසුරින් ඇම්.ඩී ගුණසේන පදනම ප්‍රකාශයට පත් කර ඇති කොවිඩ් මග පෙන්වීම්)

උපස්ථායකයන්ට වෙන්නේ කුමක්ද?

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , උපස්ථායකයන් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ. ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින 14 ක් සම්පූර්ණ වූ පසු ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම් නිවෙස් ගත ප්‍රතිකාර කාලය එදිනෙන් අවසන් වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළත නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින 14 ට පසු අවසන් වේ.

මේ අතර නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට එකඟව පසුව නිරෝධායන කොන්දේසි කඩ කරමින් වගකීම් විරහිතව හැසිරෙන ආසාදිත පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරවම (අවශ්‍ය නම් පොලිස් සහය ඇතිව) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29