සියයට 12 ක මට්ටමක මෙරට පැවැති මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙකකින් වැඩිවී ඇති සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹදී අද (12) පැවති වැඩසටහනකදී පිළිගත්තා.
මෙරට මන්ද පෝෂණ මට්ටම සියයට 10 දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළ අතර මිනිස්සුන්ගේ බඩගින්න දරුවන්ගේ මන්දපෝෂණය ගැබිනි මවුවරුන්ගේ පෝෂණ වේල මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය වැළැක්වීමට ඊට වඩා ප්රමුඛත්වයක් තමාට නැතැයිද රඹුක්වැල්ල මහතා පැවසීය.
ඔහුගේ අපේක්ෂාව මෙරට මන්ද පෝෂණ මට්ටම සියයට 10 දක්වා අඩු කිරීම බවයි හෙතෙම සදහන් කළේ.













