පසුගිය දින කිහිපය තුළ ළමුන් අතර ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ, පහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ, ළමා හතිය, පාචනය, අත් පා මුඛ රෝගය වැනි රෝග කිහිපයක්ම ව්‍යාප්තවීමක් දැකගත හැකි වූ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
පවතින වර්ෂාපතනය සහ ශීත කාලගුණය හේතුවෙන් මෙම රෝග තත්ත්වයන් පැතිර යන්නට ඇති බවට විශ්වාස කරන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
මෙහි දී සිදුකළ පරීක්ෂා කිරීම්වල දී දරුවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව ද අනාවරණය වූ බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර කැස්ස, සෙම්ප්‍රතික්‌ෂාව, උණ රෝගය පවතින දරුවන් පාසල්, ළදරු පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත නොයවා සිටින ලෙසට ඉල්ලීමක් කරනවා.
එමෙන්ම වර්ෂාව සමඟ මැසි ගහණය ඉහළ යෑමත් සමඟ පාචනය රෝගය ද පැතිරයාම ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කර සිටියේ.
මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතික්‌ෂාව, උණ පවතින යම් අයෙකුවේ නම් ඔවුන් මුව ආවරණයක් පළඳින ලෙසට වෛද්‍යවරයා මහජනතාවට දැනුම් දෙනවා.




