මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට දැනුම්දීමක්

5 ශ්‍රේණිය සිසුන් සදහා පැවැත්වෙන විභාගය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

දෙසැම්බර් 18 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2894 ක් තුළ දී එම විභාගය පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය දහවල් 12.15 දක්වා පැවැත්වෙනු ඇති.

උදෑසන 11.15ට පළවන ප්‍රශ්නය පත්‍රය ලබාදෙන අතර ඒ සදහා ලබාදෙන කාලය පැයකි. පළමු ප්‍රශ්න පත්‍රයේ පශ්න 60ක් සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40කින් සමන්විත වේ.

විභාගය සදහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසලේ විදුහල්පති වෙත තැපැල් මගින් යවා ඇති අතර මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන් එම ලේඛනය ලබා ගැනීමට පහත පරිදි කටයුතු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

22 6391cc8123ca7


අපගේ නවතම වීඩියෝ පුවත්