මෙවර නිදහස් දින සැමරුම් උළෙලෙන් මිලියන 27ක ඉතිරියක්

77 වන නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතිනවා.

පසු ගියවර පැවති 76 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ දී හැකිවූ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

76 නිදහස් සමරු උළෙලට වෙනුවෙන් රුපියල් මිලියන 107ක වියදමක් දරා ඇති අතර, එම මෙවර රුපියල් මිලියන 80 කට සීමාකර ගැනීමට හැකි වූ බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර මෙවර නිදහස් සැමරුම් උළෙලේ දී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමීමක් සිදුනොකරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගීත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34