AFC Banner
Empty Ad
Empty Ad

මෙරට සංචාරක ව්‍යාපාරය උඩු යටිකුරුවන ලකුණු – යොහානි යොදාගෙන කරන්න යන අලුත් වැඩේ මෙන්න

2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි.

2022 ජනවාරි මස 03 වැනි දින පැවැත්වෙන ගෝලීය උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික දින අංගයට යොහානි ද සිල්වාගේ සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ හැරුණු විට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින් පද රචනා කර ගායනා කරනු ලබන ගමාන්තය පිළිබඳ ගීත වීඩියෝවක් එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වෙළෙඳපොළ ලෙස සැලකෙන ඉන්දියාව සහ මැදපෙරදිග සමාජ මාධ්‍ය ආකර්ෂණයට යොහානි ලක්ව තිබීම හේතුවෙන් සන්නාම ප්‍රවර්ධනයට ඇය යොදා ගත හැකි බව සංචාරක අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා රුපියල් කෝටි 15ක අයවැයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර යොහානිගේ ප්‍රසංගය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 55කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?