මෙරට සංචාරක ව්‍යාපාරය උඩු යටිකුරුවන ලකුණු – යොහානි යොදාගෙන කරන්න යන අලුත් වැඩේ මෙන්න

2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි.

2022 ජනවාරි මස 03 වැනි දින පැවැත්වෙන ගෝලීය උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික දින අංගයට යොහානි ද සිල්වාගේ සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ හැරුණු විට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින් පද රචනා කර ගායනා කරනු ලබන ගමාන්තය පිළිබඳ ගීත වීඩියෝවක් එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වෙළෙඳපොළ ලෙස සැලකෙන ඉන්දියාව සහ මැදපෙරදිග සමාජ මාධ්‍ය ආකර්ෂණයට යොහානි ලක්ව තිබීම හේතුවෙන් සන්නාම ප්‍රවර්ධනයට ඇය යොදා ගත හැකි බව සංචාරක අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා රුපියල් කෝටි 15ක අයවැයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර යොහානිගේ ප්‍රසංගය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 55කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14