මෙරට රෝගීන් දැඩි අවධානමක

ඖෂධ හිඟය නිසා මතුව ඇති බරපතළ සෞඛ්‍ය අවදානමෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

මේ අතර ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලා අදත් රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වුණි.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දැඩි ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය, රෝහල් කටයුතුවලට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.

ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බවය.

ඒ අනුව හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත්ය. 

එමෙන්ම අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසයි. 

හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, (IC tube) සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවල ද හිඟයක් පවතී. 

වෛද්‍යවරුන් පවසන්නේ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බවය.
 
මෙම බරපතළ සෞඛ්‍ය අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

මේ අතර රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණ සහ නිෂ්පාදන ඒකකය ඉදිරිපිටදී එහි සේවකයින් අද විරෝධතාවයක නිරත වූයේ ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ඉල්ලමිනි.

පවතින ඖෂධ හිඟය මුල් කරගනිමින් අදත් ප්‍රදේශ කිහිපයක රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවල නිරත වුණි.

මේ අතර රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය හෙට (09) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. 

ඒ සත්ත්ව ආහාර මිල ඉහළ යාම, ඖෂධ හිඟය ඇතුලු පශු සම්පත් කේෂ්ත්‍රයේ පවතින ගැටලු රැසකට පිළිතුරු දීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22