මෙරට මුහුදු සීමාවේ සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රා කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් තිබෙනවා.