මෙරට නියෝජිතයින් පිරිසක් අගෝස්තු පළමු වනදාට පෙර ඇමරිකාවට

තීරු බදු තවත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට නියෝජිත පිරිසක් එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව එළඹෙන අගෝස්තු 01 වැනිදාට පෙර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු තීරු බදු සහන මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පිරිසක් මෙලෙස ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ඇමරිකාව සමඟ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් බදු සහන ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ ඊයේ (12) පැවති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?