මෙරට තුළ සිදු වූ කොරෝනා මරණ ගැන අලුත්ම හෙළිදරව්වක් – Sri Lanka Coronavirus Update

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1210 අතරින් 558 ක්ම අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අවුරුදු පොකුරේ මරණ සංඛ්‍යාව, සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 46 යි දශම 1 ක්.

එසේම, අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුර ආරම්භ වීමෙන් අනතුරුව අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙරටින් කොරෝනා ආසාදිතයින් 67,912 ක් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 2,959 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 164,201 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 14 දෙනක් විදේශගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර සෙසු 2,945 දෙනා අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින්.

ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 554 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 391ක් වාර්තා වූ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 198ක්.

මීට අමතරව අනුරාධපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වුණා.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 330,998 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 514,259 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 14,984ක්.

එමෙන්ම, වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් දක්වමින් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙනවා.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ පවතින අවදානම එක් වෘත්තියකට පමණක් සීමා නොවන්නක් නිසා සියලු‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ට එක හා සමානව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර, බිම් මට්ටමේ රාජකාරී කරන සියලුම දෙනාට කොරෝනා එන්නත ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් නොකළහොත් හෙට පෙරවරුවේ සිට සියලු කොරෝනා රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු වෘත්තීය සමිති 18 ක් නියෝජනය කරන එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ අතර, මේ මස 31 වැනිදා වනවිට ග්‍රාම නිලධාරීන් සියලුම දෙනා වෙනුවෙන් අවම සෞඛ්‍ය පහසුකම් හා එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය සඳහා යොමු නොවන්නේ නම් ජුනි මස 01 වැනිදා සිට කොරෝනා සහන සේවා සැපයීමේ කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයද ප්‍රකාශ කළා.

a Happy Birthday

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38