මෙරට කොවිඩ් අවදානම නැවතත් මතු වෙයි – කොවිඩ් ගැන ඇසෙන අසුබ කතාව මෙන්න

කොවිඩ් වසංගතය තවමත් මුළුමනින්ම පාහේ ලෝකයෙන් ඉවත්ව ගොස් නැත. ලොව සෙසු රටවලත්, අපේ රටේත් තැනින් තැන, විවිධ කාලවලදී කොවිඩ් රොගීන් වාර්තා වේ. අද වනවිට අපේ රටේද නැවතත් කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි වැඩි වීමක් දක්නට ඇත. පසුගිය කාලයේදී රට තුළ උද්ගතව තිබූ තත්ත්වයද මීට සෘජුවම බලපෑ බව කිව යුතුයි.

කොවිඩ් ගෝලීය තත්ත්වය

පසුගිය මාස 02 පුරාවටම ගෝලීය වශයෙන් ගත්තද කොවිඩ් රෝගයේ පැතිරීමේ යාමේ වැඩිවීමක් සිදුවී ඇත. විදෙස් රටවල තැනින් තැන ඔමික්‍රෝන් නව ප්‍රභේදද මතුවෙමින් පවතී. අසල්වැසි ඉන්දියාවේද ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් පසුගිය කාලයේදී වාර්තා විණි. මේ අනු ප්‍රභේදවල ඇති විශේෂ ලක්ෂණය වන්නේ පැතිරීමේ ශීඝ්‍රතාවයි.

ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය

පසුගිය අප්‍රේල්,මැයි ,ජූනි මාසවලදී කොවිඩ් රෝගයේ මනා පාලනයක් සිදුවී ඇති බව වාර්තාවූ අවම රෝගීන් සංඛ්‍යාවෙන් සනාථ විය. එය 20ටත් වඩා අඩු මට්ටමක තිබිණි. ඒත් දැන් සති දෙක තුනක සිට ඉහත අගය ඉක්මවා යමින් දෛනිකව රෝගීන් 50ක් 60ක් අතර ප්‍රමාණයක් වාර්තා වීමට පටන් ගෙන ඇත. එය පැහැදිලිවම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමකි.

මෙකී වසංගතයේ භයානකම වන්නේ ලෝකයේ කුමන රටක හෝ කොවිඩ් අනු ප්‍රභේදයක් වාර්තා වුවද එය ප්‍රමාදවී හෝ අපේ රටේ පැතිරීමේ අවදානමයි. ඒ අනුව ඉදිරි මාසවලදීද රටේ කොවිඩ් ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කළ හැකි බවට අපට දැන් උපකල්පනය කළ හැකියි. එමෙන්ම වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව මරණ අනුපාතයද ඉහළ යා හැකියි.

වසංගත මර්දනය

වසංගතය මර්දනයට රටක් විදිහට අපි නැවතත් එකතු විය යුතුයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කළ කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනට ජනතාව සහාය දැක්විය යුතුය.

ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පසුගිය කාලය පුරාවටම සාර්ථකව දීප ව්‍යාප්තව පැවැත්විණි. එහි සාර්ථකත්වය කෙතරම්ද යන්න අපි පසුගිය කාලය පුරාවටම අත්වින්දෙමු. පසුගිය ජනවාරි, පෙබරවාරි මාස ගත්විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම නිසාවෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි දියුණු රටවලද රෝගීන් හා මරණ අනුපාතය වැඩි වීම එරට සෞඛ්‍ය පද්ධතියටද දරා ගැනීම පවා දුෂ්කර කටයුත්තක් විය. අපේ රටේ මේසමයේදීත් කොවිඩ් රෝගීන් වාර්තා වුවද මරණ සිදුවූයේ සාපේක්ෂව පහළ අගයකි. ඊට හේතු වූයේ එන්නත්කරණය තුළින් අපේ රට කොවිඩ් මර්දනය සාරථකව කර ගෙන ගිය බැවිනි. ඒ වනවිට එන්නතේ පළමු වැනි වර්ධක මාත්‍රාව බොහෝ දෙනා ලබා ගෙන තිබුණි.

ප්‍රාථමික එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා දීම පළමු මාත්‍රාව ගෙන මාස 03කට පසු නියම කෙරිණි. ඒ අනුව සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී දෙවැනි මාත්‍රාව ලබා දීමද ඇරැඹිණි. සාමාන්‍යයෙන් කල් ගතවීමේදී එනම් මාස 06කට පසුව එන්නතේ ප්‍රතිශක්තිකරණය අඩු වන බැවින් ඉදිරි මාසවලදී කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේත් මරණ අනුපාතයේත් යම් වර්ධනයක් පෙන්නුම් කළ හැකියි. එමෙන්ම රෝගීන්ගේ සංකූලතාවලද වර්ධනයක් ඇති විය හැකියි.

අවුරුදු 20ට වැඩි පුද්ගලයන් මිලියන 14.4ක් සිටියද පළමු වර්ධක මාත්‍රාව තවමත් ලබා ගෙන ඇත්තේ මිලියන 08ක් පමණි. ඒ අනුව පළමු වර්ධක මාත්‍රාව ලබා නොගත් මිලියන 06ක් තවමත් සිටිති.

එන්නත්කරණ වැඩසටහනේ දෙවැනි වර්ධක මාත්‍රාවද 60ට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ලබා ගත යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය විණි. මන්ද කොවිඩ් රෝගීන් සේම මරණ අනුපාතයේද වැඩි ප්‍රතිශතයක් ඉහත කාණ්ඩවල වීම හේතුවෙනි. තරුණ පිරිස් උදෙසා ඔවුන්ගේ කැමැත්ත මත දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඉඩ සලසා දිණි. ඒත් එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය ඉතා අඩු මට්ටමක පැවැති බව නම් කිව යුතුමය. සංඛ්‍යා ලේඛනවලට අනුව දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත්තේ මේ වනවිට 15000ක් පමණි.

එන්නත් මාත්‍රා ලබා ගැනීම තරුණ පක්ෂය ප්‍රතික්ෂේප කළද යම් හෙයකින් තමන්ට කොවිඩ් වැළඳුණහොත් එහි අවදානම තම නිවැසියන්ටත් පැතිරෙන බව මතක තබා ගන්න. මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල හෝ සෑම රජයේ රෝහලකම කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් ඇති බැවින් නොපමාව ඔබගේ එන්නත් මාත්‍රාව ලබා ගැනීමට උනන්දු වන්න. එසේම මෙම එන්නත්වල කිසිඳු හිඟතාවක්ද නැත.

අවුරුදු 12 සිට 19 දක්වා වන පාසල් දරුවන් උදෙසා එන්නත් මාත්‍රා 02ක් නිර්දේශ කළද මේ වනවිට ලබා දී ඇත්තේ එක් මාත්‍රාවක් පමණි. එබැවින් දෙවැනි මාත්‍රාවද තම දරුවාට ලබා දීමට මවුපියන් කටයුතු කරන්න.

සෞඛ්‍ය පුරුදු තව දුරටත්

නිවැරැදිව මුව ආවරණ භාවිතය, සමාජ දුරස්ථභාවය සේම දෑත්වල පිරිසුදුභාවය රැක ගැනීම වැනි සෞඛ්‍ය පුරුදුවලට ඔබ තවදුරටත් අනුගත වීම උචිත වේ.

ඔබට රෝග ලක්ෂණ ඇත්නම්

මෙය වයිරස් තත්ත්වයක් බැවින් පැතිරීම අවම කිරීම වැදගත් වේ. එබැවින් රෝගය නිශ්චිතව සනාථ වන තුරු නිවසෙහි රැඳී සිටින්න. ඔබට කොවිඩ් බවට සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණ පැළැඳ ප්‍රථමයෙන්ම ඔබේ නිවැසියන්ගේ සහ අසල්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. නිවසින් බැහැර වීමේදී පවා මුව ආවරණය නිසි ලෙස පැළැඳීමට කටයුතු කරන්න. එමෙන්ම සෙනඟ නිතර ගැවසෙන තැන්වලට යාමෙන් වැලකීමද සුදුසු වේ.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34