මෙරට කොරෝනා පාලනයට චීනයේ ප්‍රමුඛතාව

මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය සහ මර්දන කිරීම සඳහා සහයෝගය ලබාදීමට චීන රජය ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන බව මෙරට චීන තානාපති චී චෙන්හුන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී චීන තානාපති චී චෙන්හුන්ග් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ප්‍රදානයන් සහ අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවයි.

දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින අන්තර්ජාතික සබඳතාව ශක්තිමත් කරමින් කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයේ සිටම මේ දක්වා චීනය දැක්වූ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාවය පළ කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?