මෙරට ක්‍රීඩකයින්ගේ IPL සහභාගීත්වය ගැන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර සහ කමිඳු මෙන්ඩිස් විසින් ඔවුන්ගේ අනිවාර්ය කායික යෝග්‍යතා පරීක්ෂණ, සාර්ථකව අවසන් කර ඇති බැවින් ඔවුන් තිදෙනාට ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් NOC (විරෝධතා නොමැති සහතිකයක්) නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීගයට සහභාගී වීම සඳහා පවත්වන අනිවාර්ය කායික යෝග්‍යතා පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල මත ඔහුගේ සහභාගීත්වය තීරණය වීමට නියමිතයි.

ඊට අමතරව වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ තවමත් අනිවාර්ය කායික යෝග්‍යතා පරීක්ෂණයට භාජනය වී නොමැති අතර ඔවුන් තවමත් ආබාධවලින් සුවය ලබා ලබමින් සිටින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !