මෙරට ඉකුත් වර්ෂයේ පිරිමි මරණ වැඩිවෙයි

මෙරට (2021) පුද්ගලයන් 163,936 දෙනෙකු මියගොස් ඇති අතර 2020 වර්ෂයට සාපෙක්ෂව ඉකුත් වර්ෂයේ දී පුද්ගල මරණ සංඛ්‍යාව 31505කින් වැඩිවී ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.මෙරට 2021 වර්ෂයේ දී මියගිය පුද්ගලයන්ගෙන් 90,836 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් සංඛ්‍යාව 73100කි. 2020 වර්ෂයේ දී පුද්ගලයන් 132431 දෙනෙකු මියගිය අතර ඉන් මියගිය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 72874කි.