මෙරට ආහාර සුරක්ෂිතතාවට එල්ල වන අභියෝග ජය ගැනීමට ICC සහාය

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවට එල්ල වන අභියෝගවලට මුහුණදීමට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය කාර්‍යාලය සඳහන් කළේ; ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) ප්‍රථම කාන්තා සභාපති වන මාරියා ෆනෑන්ඩර් ග්ර්සා (Maria Fernanda Garza) සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී සිදු වූ අවස්ථාවේ දී මේ බව අවධාරණය කෙරුණු බවයි.

වෙළෙඳ හා ආයෝජන, බැංකු, රක්ෂණ, පුහුණුව සහ අධ්‍යාපනය, මූල්‍ය, සංචාරක, කෘෂිකර්මය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සහාය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ එම ක්ෂේත්‍රවල ගැටලු බේරුම්කරණය ඇතුළත් ශ්‍රී ලංකාවේ ICC හි කාර්යභාරය පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

නවීන තාක්ෂණය සමග ආර්ථිකය ඉදිරියට යාම සඳහා ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ මාරියා ෆනෑන්ඩර් ග්ර්සා මහත්මිය ඉන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම කෘෂි ක්ෂේත්‍රවල නියැලී සිටින ග්‍රාමීය ජනතාවට ද විශාල අවස්ථා විවර වනු ඇතැයි පෙන්වා දුන්නා.

ආහාර සුරක්ෂිතතාව සහ අපනයනය ඇතුළත් රජයේ ප්‍රමුඛතා පිළිබඳ ව මෙහිදී පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා යම් යම් අංශ ශ්‍රී ලංකාව පිළිබඳ ව වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ ගන්නා බවත්; නමුත් ලොව ප්‍රබල පිළිගැනීමක් ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට ජිනීවා, එක්සත් ජාතීන්ගේ සමුළුව වැනි ජාත්‍යන්තර වේදිකාවල දී මෙරට නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකි බව ද වැඩිදුරටත් අවධානය යොමු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29