මෙරටට ගෙන් වූ ෆයිසර් එන්නත් මිලියන 12 ගැන කෙහෙළියගෙන් හෙළිදරව්වක්

කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 12 පමණ විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර පැවති විශේෂ සාකජ්ච්වක් අතරතුර දීය.

මෙරටට ගෙන්වූ මිලියන 14.05 එන්නත් තොගයකින් මෙලෙස විනාශ කර දැමීමට සිදු වූ බවයි ඔහු පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුනේ එම එන්නත් ලබා ගැනීම වෙනත් රෝගවලට අත වැනීමක් වන බවට සමාජය තුළ මත පැතිර යාමත් සමග එන්නත් ලබා ගැනීමෙන් ජනතාව දුරස් වීම හේතුවෙන් එම එන්නත් ඉතිරි වූ බවයි. එමෙන්ම ඉතිරි වූ එන්නත්වල ජීව කාලය අවසන් වීමට පෙර එම එන්නත් යාබද හිතවත් රටවලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කළත් එම එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක් ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කීපයක් හේතුවෙන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?