spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙම වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය ලබන 08 වනදා දිස්වෙයි

එළැඹෙන 08 වනදාට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනයේ දී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම චන්ද්‍රග්‍රහණය ආසියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම චන්ද්‍රග්‍රහණය මෙරට සම්මත වේලාවෙන් පස්වරු 1.32ට ආරම්භ වී ග්‍රහණ උපරිමය පස්වරු 4.29ටත් ග්‍රහණ අවසානය රාත්‍රී 7.26ටත් සිදුවන බවයි නිර්ණය කර ඇත්තේ.

නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට මෙම සිදුවීමේ අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි වනවා.

පියෙවි ඇසට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණ අවධිය පස්වරු 6.19ට අවසන්වන බව ද මහාචාර්ය චන්දන ජයරත්න සඳහන්කර සිටියා.

මෙම වසරේ දැකගත හැකි අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර, එය පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හඳුන්වනු ලබනවා.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලෝකවාසීන්ට දිස්වනුයේ 2025 වසරේ මාර්තු 14 වන දිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?