මෙම රෝගය ඇති පුද්ගලයින් කොවිඩ් එන්නත ගැනීම භයානකයි..? ජීවිත හානියක්..?

නිධන්ගත ස්නායු රෝගයකින් පෙළෙන පුද්ගලයින්ට කොරෝනාවෛරසය වැළඳීමෙන් ඇති විය හැකි සංකූලතාවලින් මිය යාමේ ප්‍රවණතාවක් ඇති හෙයින් ළඟ ම ඇති ඕනෑ ම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගැනීමට උත්සුක වන්නැයි ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල දැනුවත් කිරීම් හරහා ස්නායු රෝගීන් දැනුවත් කරමින් ඔහු සඳහන් කළේ, ස්නායු රෝගියෙකුට කොවිඩ් රෝගය වැළඳී සිටියදී හුස්ම ගැනීමේ යම් අපහසුතාවක් හෝ ස්නායු සංකූලතාවක් ඇති වන බව දැනුණහොත් හැකි ඉක්මනින් රෝහල්ගත වන ලෙසය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍යවරයා මෙසේ සඳහන් කළේය.

“කොවිඩ්-19 රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන අවස්ථාවකයි අපි මේ ඉන්නේ. ඔබ නිධන්ගත රෝගයකින් පෙළෙන අයෙක් නම් උදාහරණයක් ලෙස ආඝාතය, අපස්මාරය, ඩිමෙන්ෂියා සහ මේ ආදී තවත් තවත් රෝගවලින් පෙළෙන කෙනෙක් නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ එන්නත ඔබ විසින් ලබාගත යුතු ද කියලා. සාමාන්‍ය නිර්දේශයක් විදියට අප නිර්දේශ කරන්නේ ඔබට ළඟ ම ඇති ඔබට තියන ඕනෑ ම එන්නතක් මේ අවස්ථාවේ ලබාගන්න. කොවිඩ්-19 රෝගයේ සංකූලතාවලින් මියයෑමේ ප්‍රවණතාවයක් තියෙන නිසා මෙය ලබාගත යුතුයි. මෙවන් නිධන් ගත රෝගයක් ඇති අයෙකුට ප්‍රශ්න ඇති වීමට වැඩි නිසා ඔබ අනිවාර්යයෙන් ම ලබාගැනීම සුදුසුයි. සමහරවිට ඔබ දැනටමත් ස්නායු සායනයකට සහභාගී වන කෙනෙක් වන්නට පුළුවන්.

එසේ නම් එම ඖෂධ නොකඩවා පාවිච්චි කරන්න. ඔබට සායනයට යෑමට නොහැකි නම් ළඟ ම තියෙන රෝහලෙන් මෙම ඖෂධ ලබා ගැනීමට උත්සුක වන්න. කිසි ම හේතුවක් නිසා ඖෂධය ලබාගැනීම මඟ හරින්න එපා. ඔබට කොවිඩ්-19 රෝගය ආසාදනය වුවහොත් ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් ඉක්මනින් රෝහලට ඇතුළුවන්න. ඔබට කොවිඩ්-19 රෝගය ආසාදනය වී ඔබට ස්නායු රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් අනිවාර්යෙන් ම රෝහලට ඇතුළුවන්න. එසේ නැතිනම් ස්නායු සංකූලතාවක් පහළවනවා යැයි සිතෙනවා නම් ඒත් රෝහලට ඇතුළුවන්න. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව ජීවත්වෙමින් කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා ඔබගේ දායකත්වය ඉහළින් ම ලබාදෙන්න.”

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තවත් දැඩි බලපෑම් ඇති කාණ්ඩයක් වන හෘද රෝගීන් සම්බන්ධයෙන් දැනුවත් කළ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා සඳහන් කළේ, එවැනි අයෙකුට කොවිඩ් රෝගය වැළඳුණත් හෘද රෝගය සම්බන්ධයෙන් ගන්නා ඖෂධ වර්ග ද නොනවත්වා ලබා ගත යුතු බවය. වෛද්‍ය උපදෙස් නොමැතිව අදාළ කිසිදු ඖෂධයක භාවිතය නතර නොකරන ලෙසත් හැකි අයුරින් ආරක්ෂිතව ව්‍යායාම කිරීම සහ පෝෂ්‍යදායී ආහාර ගැනීම වැදගත් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

“ඔබ හෘද රෝගියෙක් නම් ඔබ මතක තබා ගත යුතුයි ඔබට කොවිඩ් රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වෙනත් රෝගියෙක් හා සමානයි. නමුත් ඔබ එයින් පරිස්සම් විය යුත්තේ ඔබට කොවිඩ් රෝගය වැළඳුණහොත් එයින් ඇති විය හැකි සංකූලතා වෙනත් පුද්ලගයෙකුට වඩා භයානක විය හැකි නිසා. ඔබ දැනට ඖෂධ ලබා ගන්නවා නම් හෘද රෝගයකට එම ඖෂධ ඒ පරිදි ම ලබාගන්න. ඔබට නිති පතා ඔබේ වෛද්‍යවරයා හමුවීමට නොහැකි විය හැකියි. නමුත් ඔබට විශේෂ රෝග ලක්ෂණයක් නොමැති නම් ඔබේ ඖෂධ කිසිම වෛද්‍ය උපදෙසක් නොමැතිව නවත්වන්නට එපා. ඒ ව⁣ගේ ම ඔබ ගන්නා ආහාර වේල පෝෂ්‍යදායී විදියට ලබාගන්න. ඔබගේ ව්‍යායාම පෙර පරිදි ඔබට කළ නොහැකි වුණත් එය හැකි පමණින් ඔබේ ගෙවත්තේ සෙනග නොගැවසෙන ප්‍රදේශයක සිදු කිරීමට වගබලා ගන්න.”

එමෙන්ම, මාළිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා සුවිශේෂී වූ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. දුරකතන අංක 070 5 211 211 අමතා මෙම ඒකකය හා සම්බන්ධ විය හැකියි.

වකුගඩු රෝගියෙකුට රෝහල් ගතවීම සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඖෂධ නිවසට ගෙන්වා ගැනීම සහ දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සූදානම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04