spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙන්න බන්දුලගෙ අලුත්ම සෝයා තෙල් තියරිය (VIDEO)

ආනයනකින පොල්තෙල් වලට වඩා තත්වයෙන් ඉහළ සෝයා තෙල් මේ වනවිට සතොස අලෙවිසැල් හරහා අඩු මිලට අලෙවි කෙරෙන බැවින් ඒවා මිලදී ගන්නා ලෙස වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ආනයනික පොල්තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බවට අනාවරණයත් වීමත් සමග රටම උණුසුම්ව ඇති තත්වයක් තුළ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“පොල්තෙල් වෙනුවට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.

– Mawrata
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?