මෙන්ඩිස්ගේ හා පැතුම්ගේ වේගවත් ඉනිමෙන් ශ්‍රී ලංකාවට T20 තරග ජයක්

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඊයේ (10) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට හිමි වුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව පළමු ව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 154ක් ලබා ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් පර්වේෂ් හුසේන් ලකුණු 38ක්, මොහොමඩ් නයීම් නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ජෙෆ්‍රි වැන්ඩර්සේ, දසුන් ශානක, නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර කඩුලු දෙකක් මහීෂ් තීක්ෂණ විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිය ජය තහවුරු කළා.

එහිදී ආරම්භක පිතිකරු ලෙස ආ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගුවා.

නිස්සංක පන්දු 16ක දී ලකුණු 42ක් රැස් කළ අතර ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ හයේ පහර තුනක් සහ හතරේ පහර 05ක් ද සමගින්.

කුසල් පෙරේරා ලකුණු 24යි.

කඩුලු බිඳ දැමීමේ දී මොහොමඩ් සයිෆුදීන්, රිෂාඩ් හුසේන් හා මෙහිඩි හසන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් දිනා ගත්තා.

දෙරට අතර තවත් පන්දුවාර 20 තරග දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබෙන අතර දෙවැනි තරගය ජුලි 13 රාත්‍රී 07ට දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?