මෙක්සිකෝවේ FIFA ලෝක කුසලාන සැමරුම අතර හතරක් මිය ගිගින්

FIFA ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුකම් ලබන්නට මෙවර ලෝක කුසලානයට සත්කාරකට සපයන මෙක්සිකෝ කණ්ඩායමට අඟහරුවාදා හැකියාව ලැබුණා.

ඉක්වදෝරට ගෝල දෙකට බිංදුවක් ලෙස පරාජයකරමින් මෙක්සිකෝව ලැබූ මෙම ජයග්‍රහණය සමරන්නට මෙක්සිකෝවේ නගර රැසක ජය සැමරුම් පෙළපාලි සහ උත්සව පැවැත් වුණා.

මෙම සැමරුම් උත්සව අතරතුර පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙලෙස මියගිය අය අතර 19 හැවිරිදි තරුණියක් සහ 48 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව 44 හැවිරිදි පුද්ගලයෙක් හා 30 හැවිරිදි තරුයෙක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

මොවුන්ගෙන් තිදෙනෙක් අධික තෙරපීම හේතුවෙන් හුස්ම හිරවී මියගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ හදිසි සේවා මගින් පසියෝ ඩි ලා රෙෆෝමා අවට විවිධ ස්ථානවල සිහිසුන්ව සිටි පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි.

1986 සිට රට ලැබූ පළමු ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ ජයග්‍රහණය සනිටුහන් කිරීම සඳහා මිලියනයකට අධික ජනතාවක් ප්‍රධාන වශයෙන් සැන් ජුවා නගර මධ්‍යයේ වීදි බැස ජයසැමරීමට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06