මෙක්සිකෝවේ දුම්වැටි නීති දැඩිවෙයි

පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් මෙක්සිකෝව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර තිබෙනවා.

2021 වසරේ දී මෙක්සිකෝව පළමු වරට නීතියක් ගෙන ආවේ දුම්කොළ ප්‍රචාරණය තහනම් කරමින්.

තවත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ද මේවන විට දුමෙන් තොර පොදු අවකාශයක් නිර්මාණය කිරීමට නීති සම්මත කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අතරින් මෙක්සිකෝවේ නීති සම්පාදනය ඇමරිකාවේ වඩාත්ම ශක්තිමත් සහ පුළුල් පියවරක් ලෙසටයි සැලකෙන්නේ.

එය ලොව ඇති දැඩිම දුම්වැටි විරෝධී නීතිවලින් එකක්.

2008 වසරේ සිට මෙක්සිකෝවේ පවතින නීති තුලින් බාර්, ආපනශාලා සහ සේවා ස්ථානවල දුම් රහිත අවකාශයන් නිර්මාණය කර තිබෙනවා.

නව නිතිය අනුව එය සියලුම පොදු ස්ථානවල සම්පූර්ණ තහනමක් දක්වා දීර්ඝ කර ඇති අතර එයට උද්‍යාන, වෙරළ, හෝටල්, කාර්යාල සහ අවන්හල් ද ඇතුළත්.

දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රහය දැක්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර වෙළඳසල් තුළ සිගරට් ප්‍රදර්ශනය කිරීමට පවා හැකිවන්නේ නැහැ.

Vapes සහ e-cigarettes ද දැඩි නව සීමාවන්ට යටත් වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය මෙක්සිකෝවේ මෙම තීරණය පිළිගෙන ඇති අතර තහනම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් දුම් පානය කරන්නන් නව නීතිය පිළිබඳ කලකිරීමට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙක්සිකෝවේ පොලිසියට දූෂණය වංචා සම්බන්ධයෙන් චෝදනා පවතින බවින් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීම සම්බන්ධයෙන් සැබෑ දඩ හෝ දඬුවම් නිකුත් කරනවාට වඩා, ඇතැම් නිලධාරීන් එය අල්ලස් ගැනීම සඳහා යොදා ගනු ඇති බවටයි බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?