මෙක්සිකෝවේ දුම්වැටි නීති දැඩිවෙයි

පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් මෙක්සිකෝව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර තිබෙනවා.

2021 වසරේ දී මෙක්සිකෝව පළමු වරට නීතියක් ගෙන ආවේ දුම්කොළ ප්‍රචාරණය තහනම් කරමින්.

තවත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ද මේවන විට දුමෙන් තොර පොදු අවකාශයක් නිර්මාණය කිරීමට නීති සම්මත කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අතරින් මෙක්සිකෝවේ නීති සම්පාදනය ඇමරිකාවේ වඩාත්ම ශක්තිමත් සහ පුළුල් පියවරක් ලෙසටයි සැලකෙන්නේ.

එය ලොව ඇති දැඩිම දුම්වැටි විරෝධී නීතිවලින් එකක්.

2008 වසරේ සිට මෙක්සිකෝවේ පවතින නීති තුලින් බාර්, ආපනශාලා සහ සේවා ස්ථානවල දුම් රහිත අවකාශයන් නිර්මාණය කර තිබෙනවා.

නව නිතිය අනුව එය සියලුම පොදු ස්ථානවල සම්පූර්ණ තහනමක් දක්වා දීර්ඝ කර ඇති අතර එයට උද්‍යාන, වෙරළ, හෝටල්, කාර්යාල සහ අවන්හල් ද ඇතුළත්.

දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රහය දැක්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර වෙළඳසල් තුළ සිගරට් ප්‍රදර්ශනය කිරීමට පවා හැකිවන්නේ නැහැ.

Vapes සහ e-cigarettes ද දැඩි නව සීමාවන්ට යටත් වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය මෙක්සිකෝවේ මෙම තීරණය පිළිගෙන ඇති අතර තහනම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් දුම් පානය කරන්නන් නව නීතිය පිළිබඳ කලකිරීමට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙක්සිකෝවේ පොලිසියට දූෂණය වංචා සම්බන්ධයෙන් චෝදනා පවතින බවින් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීම සම්බන්ධයෙන් සැබෑ දඩ හෝ දඬුවම් නිකුත් කරනවාට වඩා, ඇතැම් නිලධාරීන් එය අල්ලස් ගැනීම සඳහා යොදා ගනු ඇති බවටයි බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?