මධ්‍යම මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත පුරයක තැබෑරුමක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු තුවාල හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
මේ වසරේ මැයි මාසයේ දී මෙක්සිකෝවේ සෙලායා නගරයේ ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වුණා.













