මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙයි

තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව අධිකරණ නියෝග මත ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීම සඳහා ස්ථාන හතරකට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් තිබේ.

කිසියම් පුද්ගලයෙක් ඇයගේ මූල්‍ය වංචාවකට හෝ දේපළ වංචාවකට හසුව ඇත්නම් වගේම පොලිස් ස්ථානය වෙත ගොස් වාර්තා කරන ලෙස ද පොලිසිය දැනුම් දෙනු ලැබුවා.

ඇය පසුගියදා මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා.