මුහුද රළු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, මෙම ප්‍රදේශවල මුහුද විටින් විට ඉතා රළු විය හැකි බවයි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

හලාවත සිට කොළඹ හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද දැනුම් දෙනවා.

මේ හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53