Empty Ad
AFC Banner
AFC Banner

මුහුදෙන් ආ පාර්සලය පිපිරීමෙන් ධීවරයින් දෙදෙනකුට අසාධ්‍යයයි

මුහුදේ පාවෙමින් ආ පාර්සලයක් පිපිරී ධීවරයින් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මන්නාරම – සෞත්භාර් මුහුදු සීමාවේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (21) දිනයේදියි.

එම මුහුදු තීරයට ගසාගෙන ආ පාර්සලයක් පරීක්ෂා කිරීමට ගිය ධීවරයින් දෙදෙනකු එම පාර්සලය පිපිරීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මුහුදු සීමාවේ පාවෙමින් ආ පාර්සලය දකින අවස්ථාවේ දී තුවාලකරුවන් ධීවර කටයුතුවල නිරතවෙමින් සිට තිබෙනවා.

කෙසේවෙතත් එම පාර්සලය නිශ්චිතව තිබී ඇත්තේ කුමක් දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර බොහෝ විට මසුන් මැරීම සඳහා නීතිවිරෝධීව යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍යයක් එහි තිබෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම – පන්නංකට්ටු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්.රමේෂ් සහ ඒ. ආරෝග්‍යනදන් යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද විශේෂ විමර්ශනයක් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?