මුහුදු මාළු ආහාරයට ගැනීම ගැන නාරා ආයතනය දුන් වාර්තාව

මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතුවීමත් සමග ඇතැම් පාර්ශ්ව මත්ස්‍ය පරිභෝජනය නුසුදුසු බවට විවිධ ප්‍රකාශ සිදුකරමින් පවතී. 

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තාවන්ට අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවය.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?