spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු මාර්ගයෙන් රට පනින්න හැදූ එකම පවුලේ පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාමට තැත්කළ පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම, ඉස්මොක්කන් තුරෙයි තුඩුව අසලදී ඊයේ (05) මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරියන් දෙදෙනා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර, වයස අවුරුදු 07 සහ 14 යන වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක් සහ අවුරුදු 16ක දැරියක් ද වන බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස එකම පවුලේ සාමාජිකයින් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර බෝට්ටුවේ රියදුරු ද සිටින අතර, 38 හැවිරිදි ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පිරිස අද (06) දිනයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?