මුව මස් ඇද්ද යුද හමුදා ගිලන් රථය

යුධ හමුදාවට අයත් ගිලන් රථයකින් මුව මස් කිලෝ 03ක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවී කාර්යාලය සදහන් කරනවා.

මාදුරු ඔය උද්යානයේදී ඊයේ (07) දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනෙකු සහ රියදුරෙකු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනා මාවනාගම යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන දෙදෙනෙක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරුවන් මස් ප්‍රවාහනය කිරිම සදහා යොදාගත් ගිලන් රථය යොදාගෙන මීට පෙරද මුව මස් ප්‍රවාහනය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අද (08) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?