AFC Banner
Empty Ad
Empty Ad

මුල් මාස දෙකේ රටින් සහල් ගෙනා හැටි මෙන්න : පෙරදිග ධාන්‍යාගාරයට මොකද වුණේ ?

විදේශ විනිමය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක වසරේ මුල් මාස දෙක තුළ දී සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11කට අධික මුදලක් වැය කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ටොන් 122,217ක්.

පසුගිය වසරේදී රුපියල් බිලියන 7.5ක් සහල් ආනයනය සදහා වැය කර තිබූ අතර ඒ අනුව එම වසරටම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසරේ මුල් මාස දෙක තුළ දී පමණක් මෙරටට ගෙන්වා ඇති බවයි වෙළදපළ දත්ත පිරික්සීමේදී තහවුරු වන්නේ.

සහල් මෙලෙස ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ රසායනික පොහොර තහනමත් සමග මහ කන්නයේ වී අස්වනු අඩුවීම හේතුවෙන්.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක තුළ දී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන්.

එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 117,471ක් වනවා. එමෙන්ම, පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490ක් ද, මියන්මාරයෙන් සහල් මෙට්ට්‍රික් ටොන් 1125ක් ද ආනයනය කර තිබෙනවා.

ඊට අමතරව චීනය, ඉතාලිය, වියට්නාමය, තායිවානය, ජපානය සහ සිංගප්පූරුවෙන් ද මුල් මාස දෙක තුළදී සහල් ආනයනය කර ඇති බව රේගු දත්ත පරීක්ෂා කිරීමේදී තහවුරු වන කරුණක්.

සහල් ආනයනය කළ ද මේ වන විට වෙළදපළේ දේශීය සහල්වලට අමතරව ආනයනික සහල් මිල පවතින්නේ ඉහළ අගයකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?