මුල් මාස දෙකේ රටින් සහල් ගෙනා හැටි මෙන්න : පෙරදිග ධාන්‍යාගාරයට මොකද වුණේ ?

විදේශ විනිමය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක වසරේ මුල් මාස දෙක තුළ දී සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11කට අධික මුදලක් වැය කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ටොන් 122,217ක්.

පසුගිය වසරේදී රුපියල් බිලියන 7.5ක් සහල් ආනයනය සදහා වැය කර තිබූ අතර ඒ අනුව එම වසරටම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසරේ මුල් මාස දෙක තුළ දී පමණක් මෙරටට ගෙන්වා ඇති බවයි වෙළදපළ දත්ත පිරික්සීමේදී තහවුරු වන්නේ.

සහල් මෙලෙස ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ රසායනික පොහොර තහනමත් සමග මහ කන්නයේ වී අස්වනු අඩුවීම හේතුවෙන්.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක තුළ දී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන්.

එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 117,471ක් වනවා. එමෙන්ම, පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490ක් ද, මියන්මාරයෙන් සහල් මෙට්ට්‍රික් ටොන් 1125ක් ද ආනයනය කර තිබෙනවා.

ඊට අමතරව චීනය, ඉතාලිය, වියට්නාමය, තායිවානය, ජපානය සහ සිංගප්පූරුවෙන් ද මුල් මාස දෙක තුළදී සහල් ආනයනය කර ඇති බව රේගු දත්ත පරීක්ෂා කිරීමේදී තහවුරු වන කරුණක්.

සහල් ආනයනය කළ ද මේ වන විට වෙළදපළේ දේශීය සහල්වලට අමතරව ආනයනික සහල් මිල පවතින්නේ ඉහළ අගයකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19